Posts

වාහන හිමි ඔබ දැන ගත යුතුම කරුණු

Image
CAR INTERIOR CLEANING       දැනගෙන කරමු                                                    වාහනයක ඇතුළත පිරිසිදුව තබාගැනීම වාහනේට හොඳ පෙනුමක් ගේනවා විතරක් නෙවෙයි ඒක වාහනේ යන අයගෙ සෞඛ්‍යයටත් හොඳයි. ගොඩක් අය කම්මැලි කමට එළියෙන් හෝදගෙන කාපට් ටික ගසාගෙන යනවා. සර්විස් එකකට දැම්මට පස්සෙ වාහනේට නගින්න ලෝබකමේ ඉන්නවා. හරියට පැයක් අරං කම්මැලිකම නැතුව සුද්ද කරොත් ඒක වාහනේටත් හොඳයි වාහනේ යන අයටත් හොඳයි. හරි වාහනේක ඇතුලත පිරිසිදු කිරීමේ මූලික පියවරයන් ටික පහතින්…       වැකියුම් කිරීම       ෆැබ්‍රික් සීට් හා දොරවල් වල ඇතුල් පැත්ත පිරිසිදු කිරීම       ලෙදර් කොටස් පිරිසිදු කිරීම       කාපට් පිරිසිදු කිරීම       ඩෑෂ්බෝඩ් එක පිරිසිදු කිරීම හා පොලිශ් කිරීම       වීදුරු පිරිසිදු කිරීම       A/c පිරිසිදු කිරීම හා පුස් වැනි ගඳ යැවීම       වැකියුම් කිරීම   වාහනයක් තියන කෙනෙක් පොඩි වැකියුම් ක්ලීනර් එකක් ළඟ තියාගන්න ඕන. එච්චර ගණන් නෑ. හරි මුලින්ම කාපට්, floor mats අයින් කරන්න. ඊට පස්සෙ හොඳට සීට් යට පැඩල්ස් යට වගේම ඉදිරිපස සීට් 2 මැද, center console වැකියුම් කරන්න. ඊට පස්සෙ floor mats ව

රස මිහිර

Image
                    උණු උණුවෙන්ම ගෙදර හදපු රෝල්ස් කමු ද?         පොඩි සාදයක, උත්සවයක තිබෙන ලොකු කුඩා කවුරුත් කැමති කෑමක්නෙ රෝල්ස් කියන්නේ. ඉතින් පහසුවෙන් රෝල්ස් හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මේ කියන්න යන්නේ.          පෑන් කේක් එකට අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි කැමති ප්‍රමාණයක් බිත්තර 1 -2 රස අනුව ලුණු කහ ස්වල්පයක් අවශ්‍ය ප්‍රමාණයට වතුර         පිරවුමට අවශ්‍ය ද්‍රව්‍ය මාළු හෝ සැමන් තම්බා ගත් අල කැරට් ළූණු සුදු ළූණු ඉඟුරු ස්වල්පයක් කරපින්චා මිරිස් කුඩු කහ කුඩු ගම්මිරිස් ලුණු තෙල් ස්වල්පයක්           සාදන ක්‍රමය මුලින්ම පෑන් කේක් මිශ්‍රණය හදාගන්න පාන් පිටි, ලුණු, කහ භාජනයකට දාලා හොඳින් මිශ්‍ර කරගන්න. ඊටපස්සේ බිත්තර, වතුර දාලා තවත් හොඳට මිශ්‍ර කර ගන්න. මේ පිටි මිශ්‍රණය ගොඩක් ගණකම් වෙන්න හොඳ නැහැ. එහෙම වුනොත් පැන් කේක් එක හදන කොට මහතට එවි. එතකොට රෝල්ස් ගොඩක් ලොකුවට තමා හැදෙන්නේ. ඒ නිසා වතුර ගානට දාලා හදා ගන්න. ඊටපස්සේ frying pan එකක් අරගෙන ලිපෙන් තියලා හදා ගත් පෑන් කේක් මිශ්‍රණයෙන් ටිකක් තැටියට දාලා රවුමට තුනි කරන්න. එ විදියට තුනියට

රුව ගුණ වරුණ

Image
                       අවර්ණ වී අැති හෝ කලු පැහැති දෙතොල් තොල් වර්ණ ගැන්විය හැකි ස්වාභාවික ක්‍රම                            කෝපි පානය කිරීම (කැෆේන් තොල් කලු කරයි), අධික හිරු එළියට දෙතොල් නිරාවරණය වීම, ශරීරයට අවශ්‍ය ජල මට්ටම පවත්වා නොගැනීම (දිනකට වතුර වීදුරු 8 ක් බොන්න), දුම්බීම වැනි කාරණා නිසා ඔබගේ දෙතොල් කලු පැහැ ගැන්වී තිබිය හැකි ය.  ඉතා සුළු පිරිසකගේ හැරුණූ විට, අනෙක් සෑම දෙනෙකුගේ ම දෙතොල් උපතේ සිට කලු පාට නැත. ඉහත කී කාරණා නිසා කලු පැහැ ගැන්වී අැත. මෙලෙස කලු පැහැ ගැන්වී අැති දෙතොල් ස්වභාවිකව නැවතත් වර්ණ ගැන්වීමේ සරල හා ස්වභාවික ක්‍රම කිහිපයක් ගැන සාකච්ඡා කරමු.         කෝමාරිකා       කලු දෙතොල්වලට තවත් උචිතම ස්වාභාවික සත්කාරයක් තමයි කෝමාරිකා. ඊට අමතරව හානි වූ තොල් සෛල අලුත්වැඩියා කිරීමේ හැකියාවක්ද කෝමාරිකා සතුව ඇත. කෝමාරිකා ආලේප කර විනාඩි 30ක් පමණ තබා මද උණු වතුරෙන් සෝදා හරින්න.     පිපිඤ්ඤා      මිනිස් සමට හිතකරම දෙය මෙය වේ. පිපිඤ්ඤා සම පැහැපත් කරනවා සේම තොල්ද පැහැපත් කරයි.    දෙහි යුෂ     ආමන්ඩ් සමඟ මුසු කළ දෙහි යුෂ තොල්වල ආලේප කරන්න. රාත්‍රී ආලේප

රුව ගුණ වරුණ

Image
      කාර්යබහුල ඔයාට ඉක්මනින් කරගත හැකි Makeup එකක්      දිනපතා රැකියාවට යන ඔබට නැතිනම් විශේෂ උත්සවයකට සහභාති වන ඔබට, ඉක්මනින් මේකප් ඵකක් දා ගන්න අවශ්‍ය වන අවස්ථා ඔ්න තරම් අැති. ඒ් වෙලාවට සැලෝන් ඵකකට යන්න වෙලවක් නැහැ. ඉතින් මේ කියන්න යන්නෙ ඔයාටම ඉතා පහසුවෙන් හා සුළු වේලාවකින් කර ගත හැකි මේකප් ඵකක් ගැනයි. පියවර 01 පළමුව ඔබේ මුහුණ හොඳින් පිරිසිදු කර ගැනීම අවශ්‍යයි. පිරිසිදු කරගත් මුහුණ මෘදු තුවායකින් හොඳින් තෙත මාත්තු කර ගන්න. පියවර 02 ඉන්පසුව ඔබේ සැමට ගැලපෙන ලික්විඩ් බේස් එකක් මුළු මුහුණ පුරාම හොඳින් ආලේප කර ගන්න. ආලේප කිරීමේදී නිකට යට, කන්පෙති, බෙල්ල ප්‍රදේශය අමතක කරන්නට එපා. පියවර 03 අනතුරුව ඔබේ කම්පැක්ට් පවුඩර් එක මුළු මුහුණේම සමානුපාතිකව විහිදෙන සේ ආලේප කරන්න. එය ආලේප කළ පසු විනාඩි දෙකක් පමණ එය වියළෙන්න ඉඩ හරින්න. එම විනාඩි දෙකක පමණ කාලය තුලදී අයි මේකප් එක කර ගැනීමට ඔබට පුළුවන්. මුලින්ම කරන්න ඕන අයිබ්‍රෝස් ඇඳ ගන්න එක. අයිබ්‍රෝ පෙන්සිල් එක භාවිතා කරමින් අයිබ්‍රෝ ඇඳීමේදී  එක් රේඛාවක් ලෙස නොව, කඩ ඉරි ආකාරයට දේදුන්නක් සේ ඇඳ ගන්න. කළු පාට අයිබ්‍රෝ

නිරෝගා

Image
                                              වයිට්නිං ක්‍රීම් (Whitening Cream) ගාන්නෙ බලාගෙනයි                                                                                                                                                  තිත්ත ඇත්ත මෙන්න             නුදුරු අනාගතයේදී ම ජාතියේ කාන්තාවන්, දරුවන් සහ ඔබද බරපතළ ලෙසින් රෝගී විය හැකි බවට කරනු ලබන රතු නිවේදනයයි. මෙවැනි ව්‍යසනයක්‌ ගැන කියන්නට සිදු වීම පවා එක අතකින් අවාසනාවකි. ජාතියේ අවාසනාවකි. නමුත් ජාතියේ මළ බෙරය වැයෙන්නට පෙර මෙය ලිවීම මනුෂ්‍යත්වයේ යුතුකම යැයි සිතමු. ඔබේ මව, බිරිඳ, හිතවතිය, දියණිය උදෙසා මේ අති භයංකර යථාර්ථය හෙළි කරමු. ඔබේ නූපන් දරුවා වෙනුවෙන් මේ සටහන තබමු. කාන්තා, පිරිමි භේදයකින් තොරව ඔබ සියලු දෙනාට මෙම ලිපියෙන් ආමන්ත්‍රණය කරමු. රටේ වගකිවයුත්තන් හොරට නිදන නිසාත්, හොරට නිදන ඔවුන් අවදි කිරීමට බැරි නිසාත් අපි, ඔබව අවදි කිරීමට, ඔබේ ඇස්‌ ඇරවීමට, මෙය මෙසේ හෙළි කරමු.             මේ කියන්නට යන්නේ, සුදු හමක සිහිනය මත ඔබව සතපා සමස්‌ත ජාතියකට විස ශරීරගත කරමින්, කිසිදු නියාමනයකින් තොරව පිටරටින් මෙරටට

රස මිහිර

Image
              රසට කන්න බටර් කුකීස් Recipe       කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට, ගෙදර පුංචි උත්සවයකදි කන්න බටර් කුකීස් ඔයාට හදා ගන්න පුළුවන්              නම්  හොදයි නේද? එහෙනම් මෙන්න ක්‍රමය,                 අවශ්‍ය ද්‍රව්‍ය   බටර් ග්‍රෑම්                     250 ක්   අයිසිං සීනි ග්‍රෑම්             125 ක්   බිත්තර සුදු මද                   2 ක්   සුදු පිටි ග්‍රැම්                   350 ක්   ලෙමන් පොතු             (ගෙඩියක)   වැනිලා රසකාරක බිංදු      2-3 ක්       සාදා ගන්නා ආකාරය  1. සෙල්සියස් අංශක 165 උෂ්ණත්වයට උදුන රත් වෙන්න හරින්න. (Pre-heat) 2. බටර් සහ අයිසින් සීනි ක්‍රීම් එකක් වන තුරු ගසා ගන්න. 3. එයට බිත්තර සුදු මද එකතු කර හොඳින් කලවම් කරගන්න. 4. ඉන්සපු එයට සුදු පිටි, ලෙමන් පොතු, වැනිලා රසකාරක එකතු කරන්න. 5. එය එක පිටි ගුලියක් ලෙස සාදා, ආවරණය කර ශීතකරණයේ විනාඩි 30ක් තබන්න. 6. ශීතකරණයෙන් පිටතට ගෙන මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ගන්න. 7. බේකින් තැටියක් ගෙන එය ග්‍රීස් කර හෝ තෙල් කොලයක් මත හෝ එම බෝල තබා මදක් ඇඟිල්ලෙන් තුනී කර ගන්

රුව ගුණ වරුණ

Image
 ඔබේ හිසකෙස් වේගයෙන් වර්ධනය කර ගත හැකි අපූරු අාලේපනයක්               හිසකෙස් වර්ධනය වීම සිදුවන්නේ අප විසින් එයට ලබා දෙන සත්කාරය අනුවයි. ඔබ සෑමවිටම මතක තබාගත යුතු කරුණක් වන්නේ හිසකෙස් වල යම් දෙයක් අලේප කරන විට හිස්කබලට ලබාදෙන සම්බාහනය මගින් හිස්කබලේ ලේ ගමනාගමනය වඩාත් හොඳින් සිදුවන බවයි. එමගින් හිසකෙස් වර්ධනය වීමද සිදුවනවා. හිසකෙස් දිගට වවා ගැනීම සෑම කාන්තාවක් තුලම තිබෙන පොදු බලාපොරොත්තුවක්. ඒත් හිසකෙස් වර්ධනය කරගන්න සිහින මවන ඔබට විවිධ ගැටළු වලට මුහුණදීමට සිදුවනවා. එවැනි ගැටළු වන්නේ කෙස් අග පිපිරිම, ඝනත්වයෙන් අඩුවීම, අකලට හිසකෙස් පැසීම, කෙස් ගැලවියාම වැනි තත්වයන් වනවා.                අද අප ඔබට ගෙන එන මෙය සුවිශේෂී මිශ්‍රණයක් ලෙස හැදින්වීමට පුළුවන්. එයට හේතුව වන්නේ මෙමගින් හිසකෙස් වර්ධනය පමණක්ම නොවේ ඔබගේ ඇස් පිල්ලම් සහ ඇහිබැමවල වර්ධනයටද මෙය භාවිතා කිරීමට පුළුවන් වීමයි. එසේනම් මෙම මිශ්‍රණය සාදාගන්නා ආකාරය සහ භාවිතා කරන ආකාරය පිලිබදව අපි දැන් බලමු.           අවශ්‍ය ද්‍රව්‍ය           කෝමාරිකා යුෂ මේස හැදී 1ක්      එඩරු තෙල් මේස හැදී 1ක්      විටමින් E කරල් එකක්