රස මිහිර


              රසට කන්න බටර් කුකීස් Recipe


      කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට, ගෙදර පුංචි උත්සවයකදි කන්න බටර් කුකීස් ඔයාට හදා ගන්න පුළුවන්              නම්  හොදයි නේද? එහෙනම් මෙන්න ක්‍රමය,

       

        අවශ්‍ය ද්‍රව්‍ය

  බටර් ග්‍රෑම්                     250 ක්
  අයිසිං සීනි ග්‍රෑම්             125 ක්
  බිත්තර සුදු මද                   2 ක්
  සුදු පිටි ග්‍රැම්                   350 ක්
  ලෙමන් පොතු             (ගෙඩියක)
  වැනිලා රසකාරක බිංදු      2-3 ක්



      සාදා ගන්නා ආකාරය 


1. සෙල්සියස් අංශක 165 උෂ්ණත්වයට උදුන රත් වෙන්න හරින්න. (Pre-heat)

2. බටර් සහ අයිසින් සීනි ක්‍රීම් එකක් වන තුරු ගසා ගන්න.

3. එයට බිත්තර සුදු මද එකතු කර හොඳින් කලවම් කරගන්න.

4. ඉන්සපු එයට සුදු පිටි, ලෙමන් පොතු, වැනිලා රසකාරක එකතු කරන්න.

5. එය එක පිටි ගුලියක් ලෙස සාදා, ආවරණය කර ශීතකරණයේ විනාඩි 30ක් තබන්න.

6. ශීතකරණයෙන් පිටතට ගෙන මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ගන්න.

7. බේකින් තැටියක් ගෙන එය ග්‍රීස් කර හෝ තෙල් කොලයක් මත හෝ එම බෝල තබා මදක් ඇඟිල්ලෙන් තුනී කර ගන්න. ගෑරොප්පුවෙන් ඉරි කීපයක් ඇඳගන්න.

8. සෙල්සියස් අංශක 165 උෂ්ණත්වයේ විනාඩි 15ක් බේක් කර ගන්න.

Comments

  1. Tuank u article akata. Hadanna denagena hitiye na

    ReplyDelete
  2. Sweet akke... Thanks me article ekt. 😋🍪🍪😋

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නිරෝගා

නිසදැස් අරණ

රුව ගුණ වරුණ