රුව ගුණ වරුණ


                      අවර්ණ වී අැති හෝ කලු පැහැති දෙතොල් තොල් වර්ණ ගැන්විය හැකි ස්වාභාවික ක්‍රම

           
               කෝපි පානය කිරීම (කැෆේන් තොල් කලු කරයි), අධික හිරු එළියට දෙතොල් නිරාවරණය වීම, ශරීරයට අවශ්‍ය ජල මට්ටම පවත්වා නොගැනීම (දිනකට වතුර වීදුරු 8 ක් බොන්න), දුම්බීම වැනි කාරණා නිසා ඔබගේ දෙතොල් කලු පැහැ ගැන්වී තිබිය හැකි ය.  ඉතා සුළු පිරිසකගේ හැරුණූ විට, අනෙක් සෑම දෙනෙකුගේ ම දෙතොල් උපතේ සිට කලු පාට නැත. ඉහත කී කාරණා නිසා කලු පැහැ ගැන්වී අැත. මෙලෙස කලු පැහැ ගැන්වී අැති දෙතොල් ස්වභාවිකව නැවතත් වර්ණ ගැන්වීමේ සරල හා ස්වභාවික ක්‍රම කිහිපයක් ගැන සාකච්ඡා කරමු.

 

     කෝමාරිකා

      කලු දෙතොල්වලට තවත් උචිතම ස්වාභාවික සත්කාරයක් තමයි කෝමාරිකා. ඊට අමතරව හානි වූ තොල් සෛල අලුත්වැඩියා කිරීමේ හැකියාවක්ද කෝමාරිකා සතුව ඇත. කෝමාරිකා ආලේප කර විනාඩි 30ක් පමණ තබා මද උණු වතුරෙන් සෝදා හරින්න.

   පිපිඤ්ඤා

     මිනිස් සමට හිතකරම දෙය මෙය වේ. පිපිඤ්ඤා සම පැහැපත් කරනවා සේම තොල්ද පැහැපත් කරයි.

   දෙහි යුෂ

    ආමන්ඩ් සමඟ මුසු කළ දෙහි යුෂ තොල්වල ආලේප කරන්න. රාත්‍රී ආලේප කර උදේ වන තුරු තබන්න. ආමන්ඩ් තෙල් වෙනුවට ග්ලිසරීන් වුවද භාවිත කළ හැක. ස්වාභාවික දෙහිවල අඩංගු සුදු කිරීමේ ගුණය සහ ආමන්ඩ් පෝෂණය තොල් අඳුරු පැහැය නැති කරයි. තවත් ආකාරයකට මීපැණි, දෙහි යුෂ හා ග්ලිසරීන් මිශ්‍ර කර ආලේප කිරීමත් සුදුසුයි.

   මීපැණි සහ ස්ට්‍රොබෙරි

    ස්ට්‍රෝබෙරි යුෂ තේ හැඳි 1 හා පැණි තේ හැඳි 2 මිශ්‍ර කර තොල්වල ආලේප කර පැය 2ක් තිබෙන්නට හරින්න. මීට අමතරව ඔබට බීටි රූට් යුෂ, දෙළුම් ඇට, කැරට්, රතු මිදි, පිපිඤ්ඤා වලටත් තොල්වල අඳුරු පැහැය ඉවත්කළ හැක.

   මුදවපු කිරි හෝ යෝගට්

     මුදවපු කිරි හෝ යෝගට් තොල් මත ආලේප කර සම්බාහනය කිරීමෙන්ද තොල්වල පැහැය මෙන්ම තොල්වල තෙත් ස්වභාවය ආරක්ෂා කර ගත හැක.

   දෙතොලේ අැති මැරුණු සෛල ඉවත් කරන්න

    මීපැණි තේහැඳි 1ක්, සීනි සහ ආමන්ඩ් ඔයිල් තේහැඳි භාගයක් මිශ්‍ර කර තොල්වල ආලේප කරන්න. ඉන්පසු දත්බුරුසුවක් ගෙන මෘදුව පිරිමදින්න. එවිට මැරුණු සෛල ඉවත් වේ.

   රෝස පෙති

    රෝස පෙති අමු කිරිවල දමා පැය කිහිපයක් තබන්න. ඉන්පසු එම කිරි එකට මීපැණි මිශ්‍ර කර තොල්වල ආලේප කර විනාඩි 15ක් පමණ තබා සෝදා හරින්න.

   තොල් සම්බාහනය කරන්න

     තොල් සම්බාහනය තොල්වලට පිරිපුන් පෙනුමක් මෙන්ම හොඳ රතු පැහැයක් ගෙන දෙයි. අයිස් කැටයක් සහ කොට්න් රෙදි කැබැල්ලක් ගන්න. රෙදි කැබැල්ල තුළ අයිස් කැටය දමා දිනපතා විනාඩි 5ක් සම්බාහනය කරන්න. ඊට අමතරව වැස්ලීන් හෝ මීපැණි භාවිත කළ හැක. සම්බාහනයෙන් තොල්වල රුධිරය හා ඔක්ෂිජන් උත්තේජනය කරනවා. ඒවගේම තොල්වල හොඳ පෝෂණයක් මෙමඟින් ලැබෙන අතර තොල්වලට නැවුම් හා සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලැබේ. ඉරිතැළුණු, වියළි, අඳුරු පෙනුම නැති කරයි.

   පොල්කිරි

    ඔබට දිනපතා පොල්කිරි තොල්වල ආලේප කළ හැකි නම් ඔබගේ කලු තොල් ඉක්මණින් වර්ණ ගැන්විය හැක.

   අර්තාපල්

     අර්තාපල්වල අඩංගු catecholase එන්සයිමය මිනිස් සමේ අඳුරු පැහැය ඉවත් කිරීමට උපකාරී වේ. එලෙසම අල පෙති දෙකකින් ඔබගේ තොල් සම්බාහනය කළ හැකි නම් තොල්වල කලු පැහැය ඉවත්කළ හැක.

   ඔලිව් ඔයිල්

   ඔලිව් ඔයිල්වල අඩංගු ඔක්සිකාරක ගුණය හා විටමින් ඊ තොල්වල කලු පැහැය ඉවත් කරයි.

   දෙළුම් ඇට සහ කිරි

   අඳුරු තොල්වලට රෝස පැහැයක් ගෙන ආ හැකි තවත් එක් ක්‍රමයක් තමයි දෙළුම් ඇට හා කිරි මිශ්‍ර          ආලේපය. මේවායේ විශේෂත්වය වන්නේ රසායනික ද්‍රව්‍ය අඩංගු නොවීමයි.

    කහ කුඩු සහ කිරි

   කහ යනු හොඳ බෙහෙතකි. මෙය ඉන්දියාවේ මිනිසුන් විසින් තොල්වල වර්ණය ආරක්ෂා කර ගැනීම සඳහා දිගු කාලයක සිට භාවිත කරනු ලබයි. කහකුඩු හා කිරි මිශ්‍රකර තොල්වල ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.

    කැරට් යුෂ

    නිතර කැරට් යුෂ පානයෙන් කැරට් වල අඩංගු ඔක්සිකාරක ගුණය හා විටමින් ඒ තොල් අඳුරු පැහැය නැති කිරීමට උපකාර වේ. ඊට අමතරව කැරට් යුෂ තොල්වල ආලේපයෙන් ද සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක

Comments

Popular posts from this blog

නිරෝගා

නිසදැස් අරණ