රස මිහිර



                   උණු උණුවෙන්ම ගෙදර හදපු රෝල්ස් කමු ද?



       පොඩි සාදයක, උත්සවයක තිබෙන ලොකු කුඩා කවුරුත් කැමති කෑමක්නෙ රෝල්ස් කියන්නේ. ඉතින් පහසුවෙන් රෝල්ස් හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මේ කියන්න යන්නේ.




        පෑන් කේක් එකට අවශ්‍ය ද්‍රව්‍ය
  • පාන් පිටි කැමති ප්‍රමාණයක්
  • බිත්තර 1 -2
  • රස අනුව ලුණු
  • කහ ස්වල්පයක්
  • අවශ්‍ය ප්‍රමාණයට වතුර

        පිරවුමට අවශ්‍ය ද්‍රව්‍ය
  • මාළු හෝ සැමන්
  • තම්බා ගත් අල
  • කැරට්
  • ළූණු
  • සුදු ළූණු
  • ඉඟුරු ස්වල්පයක්
  • කරපින්චා
  • මිරිස් කුඩු
  • කහ කුඩු
  • ගම්මිරිස්
  • ලුණු
  • තෙල් ස්වල්පයක්
         සාදන ක්‍රමය
මුලින්ම පෑන් කේක් මිශ්‍රණය හදාගන්න පාන් පිටි, ලුණු, කහ භාජනයකට දාලා හොඳින් මිශ්‍ර කරගන්න. ඊටපස්සේ බිත්තර, වතුර දාලා තවත් හොඳට මිශ්‍ර කර ගන්න.
මේ පිටි මිශ්‍රණය ගොඩක් ගණකම් වෙන්න හොඳ නැහැ. එහෙම වුනොත් පැන් කේක් එක හදන කොට මහතට එවි. එතකොට රෝල්ස් ගොඩක් ලොකුවට තමා හැදෙන්නේ. ඒ නිසා වතුර ගානට දාලා හදා ගන්න.

ඊටපස්සේ frying pan එකක් අරගෙන ලිපෙන් තියලා හදා ගත් පෑන් කේක් මිශ්‍රණයෙන් ටිකක් තැටියට දාලා රවුමට තුනි කරන්න. එ විදියට තුනියට පැන් කේක් හදා ගන්න.

         පිරවුම සාදන අාකාරය
ලොකු pan එකක් අරගෙන ඒකට තෙල් ටික දාලා රත් වුනාට පස්සේ ළූණු, සුදු ළූණු, ඉඟුරු සහ කරපිංචා එකතු කරලා ලා දුඹුරු පැහැ වන තෙක් තියන්න. ඊටපස්සේ ඒකට කැරට් ටික දාන්න. ඒ ටික හොඳින් cook වුනාට පස්සේ මාළු හෝ සැමන් දාලා හොඳට කලවම් කරගන්න. ඊළගට මිරිස් කුඩු, කහ, ගම්මිරිස්, ලුණු රස අනුව දාගන්න. අන්තිමටම තම්බ ගෙන පොඩි කරගත් අල ටික ඒකට එකතු කරලා හොඳින් mix කරන්න. ඊට පස්සේ ලිප off කරලා ටික වෙලාවක් නිවෙන්න තියන්න.

ඊට පස්සේ හදා ගත්ත පිරවුම පෑන් කේක් එක මැද්දට වෙන්න තියලා දෙපැත්තෙන් නවලා හිමින් රෝල් කරන්න. මේ විදියට හදා ගත් රෝල්ස් ටික නැවත පිටි දවටනයේ දවටලා පාන් කුඩු හොදින් දවටා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න.

Comments

Popular posts from this blog

නිරෝගා

නිසදැස් අරණ

රුව ගුණ වරුණ