වාහන හිමි ඔබ දැන ගත යුතුම කරුණු


WINDSHIELD    එක ආරක්ෂා කරමු


              දැන් ආපහු එන්නෙ රස්නෙ කාලෙ නිසා ලියන්න හිතුනා අපේ වාහන හිමියන්ට වැදගත් වෙන එතරම් අවදානයක් නොදක්වන දෙයක් ගැන. අද ලිපිය වින්ඩ්ශීල්ඩ් එක ගැන. අපි ගොඩක් වෙලාවට පිරිසිදු කරනවා ඇරෙන්න වින්ඩ්ශීල්ඩ් නඩත්තුව ගැන හිතන්නෙ හරි අඩුවෙන්, හැබැයි මතක තියාගන්න වින්ඩ්ශීල්ඩ් එක තමයි මඟීන්ගේ ආරක්ෂාව වගේම රියදුරාට පැහැදිලි දර්ශන පථයක් ලබාදෙන්නෙ.
              වින්ඩ්ශීල්ඩ් එකක් හානිවෙන්න හෝ අවර්ණ වෙන්න පුලුවන් විවිධ හේතු තියනවා. බාහිර බලපෑම් වලට අමතරව පිටත වායුගෝලයේ තෙතමනය, හිරුකිරණ, උෂ්ණත්වය වගේම වාහනය ඇතුළත උෂ්ණත්වයත් වින්ඩ්ශීල්ඩ් එකට බලපානවා. හරි අපි දැන් බලමු වින්ඩ්ශීල්ඩ් එක ගැන සැළකිය යුතු කරණු මොනවාද කියලා.

1.වින්ඩ්ශීල්ඩ් එකට ඍජුව හිරුකිරණ පතිත වන ස්ථානවල වාහනය නැවැත්වීමෙන් වළකින්න. හැකිතාක සෙවන ඇති තැන්වල නවත්වන්න. තද හිරුඑළිය දිගුකාලීනව වින්ඩ්ශීල්ඩ් එක අවපැහැගන්වනවා. ඊට හේතුව සූර්යාගේ අඩංගු අල්ට්‍රා වයලට් කිරණ නිසා වින්ඩ්ශීල්ඩ් ඔක්සිහරණයට ලක්වීමයි.
2.පිටත උෂ්ණත්වය අධික අවස්ථාවල වාහනයට නැගපු විගස A\C ෆුල් දාන්න එපා. ඒවිට පිටත අධික උණුසුම හා ඇතුළත සිසිලස එකට ගැටීමෙන් වින්ඩ්ශීල්ඩ් එක ඉරිතැලීම වැනි හානි සිදුවිය හැක.
3.උණුසුම් කාලවල හැකිතාක් වීදුරු වියළිව තබාගන්න. රත්වුනු වීදුරු තෙත්වුවහොත් සිදුවන්නෙ වීදුරුව මතුපිට ඇති බැඳීම හානිවී වීදුරුව හානිවීමයි. වාහනය සෝදපු සෑම වෙලාවකම වීදුරු තෙතපිටින් වාහනේ පාරට දාන්න එපා. ඒවගේම රත්වූ වාහනය සෝදන්නත් එපා. රත්වුනු වීදුරුවකට වතුර දැම්මම මොකද වෙන්න කියලා දන්නවානේ?
4.ඒවගේම තමයි වයිපර් බ්ලේඩ් ගැනත් අමතක කරන්න එපා. වයිපර් බ්ලේඩ් නිසි කාලයට මාරු කරලා නිතර වයිපර් බ්ලේඩ් කුණු දුහුවිලි වලින් පිරිසිදුව තියාගන්න. නැත්නම් හානිවෙන්නෙ වින්ඩ්ශීල්ඩ් එක. Windshield fluid tank එකත් සබන් මිශ්‍ර ද්‍රාවණයකින් පුරවා තබාගන්න. වයිපර් බ්ලේඩ් නඩත්තුව පිළිබඳ අපි මුලින් ලියපු ලිපිපෙල කියවන්න.
5.දොරවල් දමාගැසීම හැකිතාක් අවම කරගන්න. ගොඩක් අය හදිසියට වාහනේ දොරවල් වේගයෙන් අරිනවා වගේම වහනවා, අනෙක් අතට වාහනේට ආගන්තුක අයට මේක නිතරම වෙන දෙයක්. ඔව් ඒක දොරට හොඳ නෑ වගේම ඒක වාහනේ වීදුරු වලටත් හොඳ නෑ කියා ඔබ දන්නවාද? වාහනය වේගෙන් වහන විට ඇතිවන දෙදරුම වීදුරු වලට අහිතකරයි.
6.ඇමෝනියා සහිත ග්ලාස් ක්ලීනර් භාවිතයෙන් වලකින්න. ඔබ යොදාගන්නා ග්ලාස් ක්ලීනර් එක පිළිබඳ හොඳින් සොයා බලන්න. ඇමෝනියා, වීදුරු අවපැහැගන්වයි. සෑමවිටම පිසදැමීමට මයික්‍රෝ ෆයිබර් රෙදි කැබැල්ලක් භාවිත කරන්න.

      මතක තබාගන්න. වින්ඩ්ශීල්ඩ් එකේ සුළු පළුදුවීමක් හෝ ඇත්නම් ඉක්මණින් මාරුකරගන්න. මොකද එය හරහා බැලීම රියදුරුගේ ඇසට අහිතකරයි.

Comments

Popular posts from this blog

නිරෝගා

නිසදැස් අරණ

රුව ගුණ වරුණ