වාහන හිමියන්ට උපදෙස්
ටයර් වලින් එන ප්‍රශ්ණ
ඔබට වාහනය හැසිරවීමේ හෝ පාලනය කිරීමේ ප්‍රශ්ණ තිබේද? පිටින් පෙනෙන්නට කිසිදු ප්‍රශ්ණයක් නැත්ද? ටයර් එක තමයි බොහෝවිට ප්‍රශ්ණයට මුල. හොඳින් ටයරය පරීක්ෂා කර බලන්න. නිතර වලවල් වල වැටීම නිසා හෝ වැරදි ලෙස ටයරය සවිකර තිබීම නිසා ටයරයේ ව්‍යුහයට හානිවී තිබිය හැක. ටයරයේ කැපුම් පාරවල්, ඉදිමුම්, රැළි වැටීම්, තැලීම්, සීරීම්, ටයර් කට්ට තැනින් තැන කැඩී තිබීම්, පැලීම්, ඉරිතැලීම් වැනි ලක්ෂණ එවිට පෙන්නුම් කරයි.
ටයරයේ මතුවන එවැනි අඩුපාඩු නිසා වාහනය හැසිරවීමදී පැත්තට අදින ගතියක් දැනීම හා වාහනය අනවශ්‍ය ලෙස දෙදරීම සිදුවේ. බොහෝ විට සමහර ලෙඩ ටයරයෙන් පිටතට පෙන්නුම් නොකරන අතර ඒවා ටයරය ඇතුලත කොටස් වෙනස්වීම නිසා හෝ හානි වීම නිසා සිදුවේ.
ටයරය ඇද ගැසීම
ටයරයක් නිශ්පාදනය වීමේදී එහි ඇතුලත ඇති බෙල්ට් නිසියාකාරව කේන්ද්‍රගතව, අපේ භාෂාවෙන් කිව්වොත් දශමෙට නූලට තිතට සවිවේ. ටයර් නිශ්පාදකයන් පවසන ආකාරයට එම බෙල්ට් එකක් මිලිමීටර් එකකින් වෙනස්වීමෙන් වුවද වාහනයක් පැත්තට ඇදීම සිදුවිය හැක. මොකද එම බෙල්ට් වලින් තමයි ටයරය එක් ස්ථීර දිශාවකට ස්ථාවරව තබාගන්නෙ.
ඉතින් මේ ටයර් බෙල්ට් එකක් පැත්තට පනිනවා කියන්නෙ ඒ බෙල්ට් එක තියන පැත්තට බර වැඩිපුර වැටෙනවා. මේකට කියන්නෙ “conicity” problem කියලා. ඒ කියන්නෙ ටයර් එක කෝන් එකක් හැඩයක් ගෙන කැරකෙන්න පටන්ගන්නවා. ඔබ දන්නවා කෝන් එකක් එහි උල් පැත්ත කේන්ද්‍ර කරගෙන වෘත්තාකාරව කැරකෙන බව. ඉතින් අන්න ඒ ආකාරයට කැරකෙන නිසා තමයි ටයරය පැත්තට අදින්නෙ. ඒකට විසඳුම තමයි ඉදිරිපස ටයර් දෙක පැතිදෙක මාරුකර දැමීම. නැත්නම් ටයරයේ පැත්ත මාරුකර එම රිම් එකට දැමීමත් කළ හැක.
ඒ වගේම ටයර් බෙඩ්ස් එකම තලයේ නොපිහිටීමෙන්ද Conicity ප්‍රශ්ණය හටගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස ටයරයේ sidewall එකේ උස වෙනස්වනවා. එවිටද කලින් මෙන් සමබරතාව නැතිවී ගොස් ටයරය උස අඩු දිශාවට රෝල්වීමට උත්සහ ගැනීමෙන් ස්ටියරින් එකට බලපෑමක් ඇති කරනවා.
ටයර දෙදරීමේ ප්‍රශ්ණ
ටයර් දෙදරීමට මූලිකම හේතුව වීල් බැලන්ස් නැතිවීම වුවද ටයරයේ මැද ගෙවීම, පැති ගෙවීම, වීල් හෝ හබ් ලූස් වීම, වීල බෙයාරින්ස් ගෙවී හෝ හානිවී තිබීම සහ විවිධ ආකාරයට ටයර් කට්ට ගෙවීම නිසාද ටයර් දෙදරීමට හේතුවේ. පරීක්ෂාකර බලන්න ටයරයේ අරය. ලක්ෂයන් දෙක තුනකින්ම පරීක්ෂා කර බලන්න. අරය එක සමාන විය යුතුයි. නැතිනම් ටයරයේ රවුම් හැඩය වෙනස්වී ඇත. ( වෙනස අඟල් 5ට වඩා අඩුනම් එතරම්ම ප්‍රශ්ණයක් නැත )
කෙසේ නමුත් මෙහි සරල සිද්ධාන්තය නම් ටයරයේ රවූම් හැඩය වෙනස්වූ විට ටයරය දෙදරීම ලක්වේ. ටයරයේ පැති ගෙවී ටයරයේ හැඩය වෙනස්වී ඇත්නම් ස්ටියරින් එක දෙදරන අතර මැද ගෙවී ටයරයේ හැඩය වෙනස්වී ඇත්නම් සස්පෙන්ශන් දෙදරීමට ලක්වේ.

Great article 😘
ReplyDeleteSuper topic! Come on akke!!😊
ReplyDelete