වාහන හිමි ඔබ දැන ගත යුතුම කරුණු




CAR INTERIOR CLEANING     දැනගෙන කරමු

                   
             
                 වාහනයක ඇතුළත පිරිසිදුව තබාගැනීම වාහනේට හොඳ පෙනුමක් ගේනවා විතරක් නෙවෙයි ඒක වාහනේ යන අයගෙ සෞඛ්‍යයටත් හොඳයි. ගොඩක් අය කම්මැලි කමට එළියෙන් හෝදගෙන කාපට් ටික ගසාගෙන යනවා. සර්විස් එකකට දැම්මට පස්සෙ වාහනේට නගින්න ලෝබකමේ ඉන්නවා. හරියට පැයක් අරං කම්මැලිකම නැතුව සුද්ද කරොත් ඒක වාහනේටත් හොඳයි වාහනේ යන අයටත් හොඳයි. හරි වාහනේක ඇතුලත පිරිසිදු කිරීමේ මූලික පියවරයන් ටික පහතින්…


  •       වැකියුම් කිරීම
  •       ෆැබ්‍රික් සීට් හා දොරවල් වල ඇතුල් පැත්ත පිරිසිදු කිරීම
  •       ලෙදර් කොටස් පිරිසිදු කිරීම
  •       කාපට් පිරිසිදු කිරීම
  •       ඩෑෂ්බෝඩ් එක පිරිසිදු කිරීම හා පොලිශ් කිරීම
  •       වීදුරු පිරිසිදු කිරීම
  •       A/c පිරිසිදු කිරීම හා පුස් වැනි ගඳ යැවීම
  •       වැකියුම් කිරීම


  වාහනයක් තියන කෙනෙක් පොඩි වැකියුම් ක්ලීනර් එකක් ළඟ තියාගන්න ඕන. එච්චර ගණන් නෑ. හරි මුලින්ම කාපට්, floor mats අයින් කරන්න. ඊට පස්සෙ හොඳට සීට් යට පැඩල්ස් යට වගේම ඉදිරිපස සීට් 2 මැද, center console වැකියුම් කරන්න. ඊට පස්සෙ floor mats වෙනම වැකියුම් කරන්න.
                                         
  ඊට පස්සෙ ඔය ක්ලීනර් වලට එනවා පොඩි බ්‍රෂ් ගැජට් එකක්. ඒක සෙට් කරලා ඩෑෂ්බෝඩ්, center console සහ දොරවල් වැකියුම් කරන්න. ඒකෙන්ම සීට් ටිකත් වැකියුම් කරන්න. හැබැයි ලෙදර් සීට් වැකියුම් කරද්දි පරිස්සමින්.

                    ෆැබ්‍රික් සීට් හා දොරවල් වල ඇතුල් පැත්ත පිරිසිදු කිරීම
                                             
               
 
      අපි බලමු සීට් වල ගෑවිච්ච කුණු පැල්ලම් යවාගන්න කොහොමද කියලා. වෙළඳපොලේ ඒ සඳහා තියනවා Wax upholstery cleaners. ඒකෙන් සුදු පැහැති පෙණ වැනි ද්‍රාවණයක් ස්ප්‍රේ වෙනවා. සීට් එකමත ස්ප්‍රේ කරන්න, තත්පර කිහිපයක් පෙඟෙන්නට හැර පිරිසිදු රෙදි කැබැල්ලකින් පිසදාන්න. ඒ ආකාරයට සියලුම සීට් සහ දොර ඇතුල් පැති පිරිසිදු කරගන්න.

                    ලෙදර් කොටස් පිරිසිදු කිරීම

   ලෙදර් වලට එනකොට විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. ඒ සඳහා විශේෂ පිරිසිදුකාරක වෙළඳපොලේ තියනවා. ඒවගෙන් හොඳට shiny or slippery වෙනවා. මතක තියාගන්න paper towels වලින් කවදාවත් පිරිසිදු කරන්න එපා. එකෙන් වෙන්නෙ ලෙදර් එක සීරෙන එක. Cotton towels කරන්න.

හැබැයි ලෙදර් ස්ටියරින් කවර හෝ ගියර් නොබ් පිරිසිදු කිරීමේදී නිකම්ම cotton towel එකෙන් පිරිසිදු කරන්න මොකද නැත්තම් වෙන්න slippery හෝ ඇලෙන්න ගත්තොත් ඩ්‍රයිව් කරන්න බැරිවෙනවා.
                                 

 
හරි මුලින්ම වැකියුම් ක්ලීනර් එකට එනවා ලෙදර් සඳහා මෘදු බ්‍රෂ් එකක්, ඒක සෙට් කරලා ලෙදර් කොටස් වැකියුම් කරන්න.
                     
                   

ඊට පස්සෙ ලෙදර් ක්ලීනර් ස්ප්‍රේ කරලා මෘදු පිරිසිදු cotton towel එකකින් පිරිසිදු කරගන්න. මතක තියාගන්න පිරිසිදු කිරීමේදී මෘදු ලෙස පිරිමදින්න. නැත්නම් ලෙදර් එකට හානිවෙන්න පුලුවන්.

                      කාපට් පිරිසිදු කිරීම
                                                     
               
           

     වාහනේ තියෙන්නෙ රබර් කාපට් නම් පිරිසිදු කරන විදිහ අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ. හොඳින් වතුරෙන් හෝදන්න. හැබැයි වාහනේ තියෙන්නෙ ෆැබ්‍රික් කාපට් නම් ෆැබ්‍රික් සීට් පිරිසිදු කරපු විදිහටම පිරිසිදු කරගන්න. ඔව් ඔව් ලංකාවෙ අපිට නම් ඉතිං රබර් කාපට් තමයි.

                      ඩෑෂ්බෝඩ් එක පිරිසිදු කිරීම හා පොලිශ් කිරීම
                                                 
           
                 

    ඩෑෂ්බෝඩ්, center console හා අනෙකුත් ප්ලාස්ටික් කොටස් පිරිසිදු කිරීමටමදක් තෙත පිරිසිදු රෙදි කැබැල්ලක් භාවිත කරන්න. පිරිසිදු කිරීමට අපහසුම කොටසුත් මේවම තමයි. මොකද පොඩි පොඩි කෑලි ගොඩයි. අනික සමහර තැන්වල ඉලෙක්ට්‍රික් කෑලි. කොහොම වුනත් පරිස්සමින් පිරිසිදු කරගන්න ඕන. ඉන්පසු මේ සඳහා වෙනම ඩෑෂ්බෝඩ් ක්ලීනස් එනවා. ඒකෙන් මදක් ස්ප්‍රේ කර මෘදු වියළි රෙදි කැබැල්ලකින් පිරිසිදු කරන්න. වාහනේ teak interior තියනවා නම් ඒ සඳහා එන පොලිශ් වර්ගයක් ආලේප කර හොඳින් පොලිශ් කරගන්න. අනෙක් අයට සාමන්‍ය ඩෑෂ්බෝඩ් පොලිශ් එක හොඳයි.

                      වීදුරු පිරිසිදු කිරීම
                                                     
ඒ ඔක්කොම ඉවර වුනාට පස්සෙ වාහනේ වීදුරු. ඇතුල වගේම එළියත් පිරිසිදුවෙන්න ඕන. ඔව් ඔව් ග්ලාස් ක්ලීනර් ස්ප්‍රේ කරලා glass-cleaning towel එකකින්ම පිරිසිදු කරන්න. හොඳට මතක තියාගන්න වීදුරු සීරෙන්න වගේම heating lines තුවාල වෙන්න පුලුවන් විවිධ රෙදි කෑලි භාවිත කළොත්. ඊට පස්සෙ ඉතින් සාම්ප්‍රදායික පත්තර කොළ වලින් වීදුරු පිසදාගන්න.

                       A/c පිරිසිදු කිරීම හා පුස් වැනි ගඳ යැවීම

ගොඩක් අය මේ වැඩේ කරන්නෙ නෑ. හැබැයි මේක අනිවාරයෙන්ම කරන්න ඕන. නැත්නම් පුස් ගඳ එන එක car air freshener දාලා වත් නවත්වන්න බෑ. ඒකට හේතුව A/c holes ඇතුලත වර්ධනය වන බැක්ටීරියා. ඒ බැක්ටීරියා විනාශ කල හැකි ස්ප්‍රේ වර්ග වෙළඳපොලේ තියනවා. ඒවා A/c holes තුළට ස්ප්‍රේ කරන්න.
                                                               
ඊට පස්සෙ බොනට් එක අරින්න. බලන්න air intake vent එක. විවිධ සුන්බුන් කුණු නිසා air intake vent එක අවහිර වෙලා තියෙන්න පුලුවන්. ඒ වගේම සර්විස් එකට ගියාම air conditioner drain tube එකත් චෙක් කරගන්න.

Comments

Popular posts from this blog

නිරෝගා

නිසදැස් අරණ

රුව ගුණ වරුණ