රුව ගුණ වරුණ



 ඔබේ හිසකෙස් වේගයෙන් වර්ධනය කර ගත හැකි අපූරු අාලේපනයක්

              හිසකෙස් වර්ධනය වීම සිදුවන්නේ අප විසින් එයට ලබා දෙන සත්කාරය අනුවයි. ඔබ සෑමවිටම මතක තබාගත යුතු කරුණක් වන්නේ හිසකෙස් වල යම් දෙයක් අලේප කරන විට හිස්කබලට ලබාදෙන සම්බාහනය මගින් හිස්කබලේ ලේ ගමනාගමනය වඩාත් හොඳින් සිදුවන බවයි. එමගින් හිසකෙස් වර්ධනය වීමද සිදුවනවා. හිසකෙස් දිගට වවා ගැනීම සෑම කාන්තාවක් තුලම තිබෙන පොදු බලාපොරොත්තුවක්. ඒත් හිසකෙස් වර්ධනය කරගන්න සිහින මවන ඔබට විවිධ ගැටළු වලට මුහුණදීමට සිදුවනවා. එවැනි ගැටළු වන්නේ කෙස් අග පිපිරිම, ඝනත්වයෙන් අඩුවීම, අකලට හිසකෙස් පැසීම, කෙස් ගැලවියාම වැනි තත්වයන් වනවා.

               අද අප ඔබට ගෙන එන මෙය සුවිශේෂී මිශ්‍රණයක් ලෙස හැදින්වීමට පුළුවන්. එයට හේතුව වන්නේ මෙමගින් හිසකෙස් වර්ධනය පමණක්ම නොවේ ඔබගේ ඇස් පිල්ලම් සහ ඇහිබැමවල වර්ධනයටද මෙය භාවිතා කිරීමට පුළුවන් වීමයි. එසේනම් මෙම මිශ්‍රණය සාදාගන්නා ආකාරය සහ භාවිතා කරන ආකාරය පිලිබදව අපි දැන් බලමු.

          අවශ්‍ය ද්‍රව්‍ය

    
     කෝමාරිකා යුෂ මේස හැදී 1ක්

     එඩරු තෙල් මේස හැදී 1ක්

     විටමින් E කරල් එකක්

           සාදාගන්නා ආකාරය


      කුඩා ප්‍රමාණයේ භාජනයක් ගෙන එයට කෝමාරිකා යුෂ දමා ගන්න. ඉන්පසු විටමින් E කරලේ තෙල් සහ        එඩරු තෙල් එයට දමා හොදින් කවලම් කරන්න.

Comments

Post a Comment

Popular posts from this blog

නිරෝගා

නිසදැස් අරණ

රුව ගුණ වරුණ