රුව ගුණ වරුණ



      කාර්යබහුල ඔයාට ඉක්මනින් කරගත හැකි Makeup එකක්


    දිනපතා රැකියාවට යන ඔබට නැතිනම් විශේෂ උත්සවයකට සහභාති වන ඔබට, ඉක්මනින් මේකප් ඵකක් දා ගන්න අවශ්‍ය වන අවස්ථා ඔ්න තරම් අැති. ඒ් වෙලාවට සැලෝන් ඵකකට යන්න වෙලවක් නැහැ. ඉතින් මේ කියන්න යන්නෙ ඔයාටම ඉතා පහසුවෙන් හා සුළු වේලාවකින් කර ගත හැකි මේකප් ඵකක් ගැනයි.


පියවර 01

පළමුව ඔබේ මුහුණ හොඳින් පිරිසිදු කර ගැනීම අවශ්‍යයි. පිරිසිදු කරගත් මුහුණ මෘදු තුවායකින් හොඳින් තෙත මාත්තු කර ගන්න.
පියවර 02
ඉන්පසුව ඔබේ සැමට ගැලපෙන ලික්විඩ් බේස් එකක් මුළු මුහුණ පුරාම හොඳින් ආලේප කර ගන්න. ආලේප කිරීමේදී නිකට යට, කන්පෙති, බෙල්ල ප්‍රදේශය අමතක කරන්නට එපා.
පියවර 03
අනතුරුව ඔබේ කම්පැක්ට් පවුඩර් එක මුළු මුහුණේම සමානුපාතිකව විහිදෙන සේ ආලේප කරන්න. එය ආලේප කළ පසු විනාඩි දෙකක් පමණ එය වියළෙන්න ඉඩ හරින්න.
එම විනාඩි දෙකක පමණ කාලය තුලදී අයි මේකප් එක කර ගැනීමට ඔබට පුළුවන්. මුලින්ම කරන්න ඕන අයිබ්‍රෝස් ඇඳ ගන්න එක. අයිබ්‍රෝ පෙන්සිල් එක භාවිතා කරමින් අයිබ්‍රෝ ඇඳීමේදී  එක් රේඛාවක් ලෙස නොව, කඩ ඉරි ආකාරයට දේදුන්නක් සේ ඇඳ ගන්න. කළු පාට අයිබ්‍රෝ පෙන්සිල් එකකට වඩා දුඹුරු පැහැ පැන්සලක් මේ සඳහා වඩා යෝග්‍යය වෙනවා.
පියවර 04
අනතුරුව කළ යුත්තේ අයි ෂැඩෝ තැවරීමයි. දිවා කාලයේදී ලා පැහැ අයි ෂැඩෝ ද, රාත්‍රී කාලයේදී තද පැහැ අයි ෂැඩෝ ද යොදා ගන්න.
ඔබේ ඇඳුමේ වර්ණයට ගැළපෙන ලෙස අයි ෂැඩෝ ආලේප කරන්න. අයි ලයිනර්ස් අඳින්නේ ඉන්පසුවයි.
අයිලයිනර් එක ඇඳීමේදී ද පළමුව ඇස මැදට අඩක් දක්වා අඳිමින් පසුව ඉතිරි අර්ධය ඇඳ ගන්න. ඉන් පසුවයි ඇස් පිහාටු වල මස්කාරා ගල්වන්නේ. මස් කාරා ආලේප කිරීමේදී කිහිපවරක් ඉහළ පහළ ආලේප කරමින් ඇස් පිහාටු වල ගැල්වීමෙන් මනා පෙනුමක් ඇසට ලැබෙනවා. මස්කාරා  මිනිත්තු එකහමාරක කාලයක් පමණ වියැළෙන්නට හරින්න.
පියවර 05
පසුව ලිප්ස්ටික් ආලේප කරන්න. ප්‍රථමයෙන් ලිප්ස් ලයිනර් එකකින් දෙතොල් වටා ඇඳ ගෙන ඉන්පසු ඔබේ ඇඳුමට උචිත සේ ලිප්ස්ටික් ගල්වන්න.

පියවර 06
මේකප් එකේ අවසන් අදියර ලෙස බ්ලෂර් සහ ෆිනිෂින් පවුඩර් ආලේප කරන්න.


Comments

Popular posts from this blog

නිරෝගා

නිසදැස් අරණ

රුව ගුණ වරුණ