රුව ගුණ වරුණ

  

රුව වඩවන පැරණි රූපලාවණ්‍ය රහස්

                          ලස්සන වෙන්න කැමති කාන්තා ඔබට ඔන්න අද අපි කියන්න යන්නේ ඔයාලගේ තරුණ බව වියකෙන්න නොදී රැක ගන්න පුළුවන් පැරැණි රූපලාවන්‍ය රහස් කිහිපයක් ගැන. ඇත්තටම අද වෙළඳ පොලේ තිබෙන සමහර දේවල් පාවිච්චි කරලා තාවකාලික පැහැපත් පෙනුමක් ලබා ගන්න දඟලන ඔබට මේ රහස් ටික නම් ගොඩක් වැදගත් වේවි. සමහර විට මේ දේවල් කියවන් යද්දී ඔයාට හිතෙයි කොහොමද මේ දේවල් පැරැණි රහස් වුනේ කියල. එත් ඉතින් ඇත්තටම අදටත් ඔයාල ඔයාලගේ සුන්දරත්වය රැක ගන්න මේ සමහර දේවල් සිදු කරනවා ඇති. ඇත්තටම තරුණ බව රැක ගන්න නම් මේ දේවල් කාන්තා ඔබට අතිශය වැදගත් වේ.
             



    ඔලිව් තෙල් සත්කාරය

      ඔයාල දන්නවද අද වෙළද පොළෙන් ඔයාලා මිලදී අරගෙන භාවිතා කරන ගොඩක් ආලේපන වල අඩංගු ඔබේ සමට ගොඩක්ම හිතකර දෙයක් විදියට ඔලිව් තෙල් හඳුන්වා දෙන්න පුළුවන්.නමුත් වෙළඳපොළ ආලේපන වල අඩංගු කෘතීම සංඝටක වලින් ඔබේ සමට වෙන හානිය මෙහෙමයි කියල කියන්න බැරි වුනත් ඔයාට පුළුවන් සමට,හිසකෙස් වලට, කුරුලෑ ලප කැළැල් වලට ඔලිව් තෙල් පමණක් බය නැතිව පාවිච්චි කරන්න.ඖෂධ බෙහෙත් ඔරුව හෙවත් බාත් ඔරුව

පුරාණයේ බොහෝ රටවල් වල කාන්තාවන් තම සුන්දරත්වය වැඩි කර ගන්න පැහැපත් සමක් ලබා ගැනීමේ අරමුණින් ඖෂධ වර්ග, මල් වර්ග, තෙල් වර්ග වලින් යුත් සිසිල් හා උණුසුම් ජලයෙන් පිරි ඔරු වල පැය ගණන් බැහැලා ඒවගේ ඖෂධ සත්කාරය තම සිරුරට ලබා ගත්තා.ඉතින් අදටත් ඔයාලට පුළුවන් මේ කියපු දේවල් ඔයාගේ සුන්දරත්වය රැක ගන්න යොදා ගන්න.
උදාහරණයක් විදියට කිව්වොත් කොහොඹ කොළ අරගෙන ලොකු මුට්ටියකට දාල තම්බා ගෙන නාන විටදී අර කොහොඹ කොළ ශරීරයේ හොදින් අතුල්ලා නාන්න ඔයාට පුළුවන්.

    ස්ක්‍රබ්


      කාන්තා ඔබ නම් ස්ක්‍රබ් ගැන ගොඩක් හොදට දන්නවා.මොකද අපේ සමහර කාන්තාවන් ගෙදරදීම මුහුණට එක එක විදියේ ස්ක්‍රබ් සිදු කරනවා නෙ. සමහර අය නම් බිත්තර,අලිපේර,සුදු හඳුන්, අමු කහ,කෝමාරිකා වගේ ස්වභාවික දේවල් යොදා ගෙන ගෙදරදීම මුහුණට ස්ක්‍රබ් සිදු කරනවා. ඔව් ඇත්තටම ඒ වගේ ස්වභාවික දේවල් යොදා ගනිමින් ස්ක්‍රබ් එකක් සිදු කිරීම ඔබේ මුහුණේ මරුන සයිල ඉවත් කිරීමට හොද සත්කාරයක්.

    රෝස වට්ටෝරු


     ඔයාල දැන් බලනවා ඇති මොකද්ද මේ රෝස වට්ටෝරු කියන්නේ කියලා. ඇත්තටම රෝස කියන්නේ කාන්තාවකගේ සම මෘදුව තියන්න පුළුවන් වටිනා ඖෂධයක්. දැන් ඔයාල බලනවා ඇති කොහොමද ඉතින් අපි මේවා හොයා ගන්නේ කියලා නේද. වැඩි දෙයක් කරන්න නෑ. ඔයාගේ ගෙවත්තේ වැවෙන රෝස පාටට හුරු පොකුරු රෝස මල් තියෙනවා නේද. අන්න ඒ රෝස පාට පොකුරු රෝසමල් අරගෙන වීදුරුවකට වතුර ටිකක් වෙන්න දාල අර රෝස මලේ පෙති එකින් එක අර වතුර වීදුරුවට කඩලා දාල ඒ වතුර එක වහලා තියන්න.පහුවදා අර රෝස මල් දාපු වතුර එක අරගෙන හොදින් මුහුණ හා බෙල්ල වටේ රෝස වතුරින් සොදන්නයි ඔයාට තියෙන්නේ.ඇත්තටම මේ දේ සතියකට දෙතුන් වතාවක් වත් කරන්න පුළුවන් නම් ඔයාට දිදුලන පැහැපත් සමක් ලබා ගන්න හැකියාව තියෙනවා.

    මී පැණි  


     දන්නවද මී පැණි කියන්නේ ඉස්සර ඉඳලම අපේ කාන්තාවන් ලස්සන වෙන්න කියල භාවිතා කරපු දෙයක්. මැරුණ සයිල ප්‍රාණවත් කරන්න මී පැණි ගොඩක් ප්‍රයෝජනාවත් වෙනවා. යෝගට් වලට මී පැණි බින්දු කිහිපයක් එකතු කරලා මුහුණේ ආලේප කිරීම මගින් පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්.ඒ වගේම මී පැණි එක්ක කහ මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරන්නත් ඔයාට පුළුවන්.මේ හැම දෙකින්ම ඔයාගේ සුන්දරත්වය රැක ගන්න ඔයාට පුළුවන්.

   බිත්තර සාරය


    දැන් අපේ අය නම් කියයි මේ කන්න තියෙන බිත්තරෙන් මොන රූපලාවන්‍ය සත්කාරද කියල.නමුත් ඔබ දන්නවද ඔබ භාවිතා කරන බොහොමයක් ෂැම්පු වල බිත්තර සාරය අඩංගුයි වගේම හිස කෙස් වර්ධනයට හා නීරෝගී කෙස් කළඹක් ලබා ගන්න බිත්තර ඔබට උපකාරී වෙනවා.ඒ වගේම ඔබේ මුහුණේ අදුරු පෙනුම දුරු කර ගන්නත් ඔබට බිත්තර සාරය භාවිතා කරන්න පුළුවන්.

   දෙහි යුෂ


     දෙහි කියන්නේ විෂබීජ නාශකයක් කියල ඔබ අප සැවොම දන්නවා.ඉතින් ඔබේ සමේ මරුන සයිල ඉවත් කරන්න දෙහි යුෂ ඔබට ගොඩක් උපකාරී වෙනවා. විටමින් C බහුල දෙහි යුෂ උණු වතුරට එක් කොට ස්නානය කරන්නත් ඔබට පුළුවන්. කුරුලෑ හට ගන්න එක අවම කරන්නත් දෙහි වලට හැකියාව තියෙනවා.







Comments

Post a Comment

Popular posts from this blog

නිරෝගා

නිසදැස් අරණ

රුව ගුණ වරුණ