ලෝකය සොයා




                                                             Vehicle tele matis


                   අද ලොව තාකෂයෙන් සන්නද්ධ වී තිබේ.ඇසිපිය ගසන සැනින් ලොව වෙනස් වේ.නූතන ලෝකයේ තාක්ෂනය අතරින් ඉතාම වේගවත් ලෙස සංවර්ධනය වූයේ ජංගම දුරකතනයි.නැතිනම් ස්මාට් දුරකතනයයි.ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් තත්පර කිහිපයකින් තම අත තුළ රදවා තිබෙන නූතන තාක්‍ෂණයෙන් අනුන ස්මාට් දුරකතනයට හැකියාව පවතී.අප රටේ ද වර්තමානය වන විට ස්මාට් දුරකථනය නැතුවම බැරි උපකරණයක් වී හමාරය.
අද මාගේ ලිපියේ අරමුණ වන්නේ ස්මාට් ජංගම දුරකථනය හරහා ඔබගේ වාහනය ඉතා පහසුවෙන් නඩත්තු කෙරෙනුයේ කෙසේද යන්න සොයා බැලීමට නව නිපැයුමක් පිළිබඳ හදුන්වා දීමටයි.මෙය නිපදවා තිබෙනුයේ මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කන්ඩායමක් විසිනි.මෙය නම් කර තිබෙනුයේ O.B.D යනුවෙනි.(On Board Diagnostics) මෙය ඉතා කුඩා දත්ත සංවේදී උපකරණයකි. (Data sensor) මෙම උපකරණය වාහනයේ සවිකර G.P.S තාක්ෂනය ආධාරයෙන් ඔබගේ ස්මාට් දුරකථනයේ App එකක් මගින් සම්බන්ධ කර තිබේ.එමගින් තම වාහනයේ තොරතුරු ඔබට ඉතා පහසුවෙන් ලබා ගත හැකි වේ.
එසේම මෙම උපකරණය විශාල වාහන සංඛ්‍යාවක් භාවිතා කරන පුද්ගලයෙක්ට, සමාගම් වලට, ආයතන වලට මෙම උපකරණය සවිකිරීම තුලින් බොහෝ වාසි ලබා ගත හැක. කාලය, ශ්‍රමය, මුදල් මෙන්ම ආරක්ෂාව ද මෙමගින් ලබාගත හැකි බව පර්යේෂණ කණ්ඩායම පවසයි.
                   වාහනය නඩත්තු කිරීමට අවශ්‍ය කිලෝමීටර් ගණන, රථයේ ඉන්ධන ප්‍රමාණය, රෝද  වල තත්වයන්, එන්ජින් එක රත්වන ප්‍රමාණයන් කොපමණ ද, වාහනය ධාවනය වූ දුර ප්‍රමාණයන් ආදී දත්හ මෙහිදී ලබාගත හැකිවේ. තව ද වාහනය හා රියදුරු අතර සම්බන්ධතාවය, එනම් රියදුරු වාහනය පදවාගෙන යන ආකාරය, රියදුරු වාහනය කෙරෙහි සැලකිල්ලක් දක්වමින් ධාවනය කරනවාද  යනාදිය පිළිබඳ දළ සැකැස්මක් මෙම දත්ත වලින් ලබා ගත හැකිවේ.
එසේම රියදුරු රථය පදවන්නේ බීමතින්  ද, නිදිමතින් ද, දැඩි වෙහෙසකින් ද, යන්න පිළිබද දල අදහසක් ලබා ගැනීමට හැකි වීම මෙමගින් තිබෙන අමතර වාසියක් වේ.
                 
                   එසේම මෙම සියලුම දත්ත එක කොට සතියක, මාසයක ලෙස දත්ත රැස් කොට විශ්ලේෂණය කල හැක.මෙම O.B.D. මගින් විශාල වාහන ප්‍රමාණයක් තිබෙන ආයතන වලට වඩාත් වාසිදායක විය හැකිය.
රුපියල් දහසක් (1000) වැනි සුළු මුදලක් පමණක් වැය කරමින් නවීන තාක්ෂණය සමග බද්ධ වී සිටින ඔබට data හරහා බොහෝ දේ සිදු කර ගත හැකි බව මෙමගින් පැහැදිලි වේ.ඉතින් ඔබටත් මෙම app එක download කරගෙන  ඔබගේ වාහනය පිළිබඳ වඩාත් නිවැරදි තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතී.


Comments

Popular posts from this blog

නිරෝගා

නිසදැස් අරණ

රුව ගුණ වරුණ