ලෝකය සොයා
නොබෙල් සම්මාන
විශ්වීය ලෝකයේ නව උත්පාදනයන් සොයා යාමට මිනිසා පෙළඹෙන්නේ අවිධිමත්වය.මෙවැනි තරගකාරී සමාජයක ඇසිපිල්ලම් ගසන සැනින් නව නිපැයුම් බිහිවෙයි.නමුත් එවැනි නව නිපැයුම් අතරින්
මිනිස් සමුහයා තුළ ප්‍රතිලාභයක් ඇති කිරීමට සමත් පුද්ගලයා ඇගයීමට ඇල්ෆ්‍රඩ් නොබෙල් නම් වූ විශිෂ්ඨ රසායනික පර්යේෂකයා ලබා දුන් පිටුවහල අපමණය.
1833 ඔක්තෝබර් මස 21 වන දින Immanuel Nobel ට හා Carolina Andriette ට දාව ඉංජිනේරු පවුලක උපත ලැබූ ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් 355කට නොඅඩු අභිනව උත්පාදන ලොවට දායාද කරනු ලැබීය.මේ අතරින් ඩයිනමයිට් නිර්මාණයට අවැසි TNT නම් වූ මුලද්‍රව්‍ය සොයා ගැනීම මොහුගේ ඇති විශිෂ්ඨ පියවරක් ලෙස හදුනා ගත හැකිය.නමුත් මොහු මෙම සොයාගැනීම සතුටු දායක කරුණක් ලෙස නොදුටුවේ මේ තුළින් මිනිස් ජිවිත දැඩි ලෙස විනාශකාරී මුහුණුවරකට පත් වුනු හෙයිනි.මොහුගේ ජිවිතයම අලුත් අත්හදා බැලීම් මත පදනම් හෙයින් තම අත්දැකීම් තුලින් ගොඩනැගුනු වපසරියෙන් වෙන් වීමට තීරණය කළේය.ජීවිතය පිළිබද දැඩි කලකිරීමෙන් අවසන් කාලය ගතැහැ කල මොහො ඉතාලියේ සේන් රෙමො නමින් තමා විසින්ම ඉදිකර ගැනුණු පිටිසර ගම්බද නිවාස තුළ 1896 දෙසැම්බර් මස 10 වන දින තම අවසන් හුස්ම හෙලුවේ තමා උපයා ගත ධනය නව උත්පාදකයන්ට අරමුදලක් ලෙස ලබා දීමට මොහු කටයුතු කළේ ඔවුන්ට වටිනාකමක් ලබා දිය හැකි වපසරියක් නිර්මාණය කිරීමේ අදිටනින් බව වර්තමානයේ පවතින නොබෙල් ත්‍යාග සම්මාන රාත්‍රිය මගින් මනාව පසක් වේ.
මෙලෙස නිර්මාණය වූ නොමෙල් ත්‍යාග සම්මාන රාත්‍රියෙ හි ප්‍රථම සම්මානය ලබා දීමට නිර්දේශිත නාම වශයෙන් x කිරණ සොයා ගත Wilhelm Rontgen ට හා කැතෝඩ කිරණ සොයා ගත් philipp Lenard ද තෝරා පත් කරගෙන තිබිණි.
මෙහිදී නොබෙල් කොමිසම විසින් Wilhelm Rontgen හට ප්‍රථම සම්මානය ලබා දීමට කටයුතු කළේය.මෙහිදී තාප රසායනික තාපගති සොයා ගනිමින් රසායනික විද්‍යාවේ පෙරලියක් ඇති කල Jacobus Van't Hoff එම සම්මානය ලබා ගැනීමට සුදුසුකම් පෑවේය.එසේම ස්විඩිෂ් ඇකඩමිය (Swedish Academy) විසින් සාහිත්‍ය සදහා වූ සම්මානය Sully Prudhomme ටද, මනෝ විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව සදහා පිරිනමන ත්‍යාගය Emil von Behring ටද ලබා දුන් අතර නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ Jean Henri Dunant ටය.
මෙලෙස සමාරම්භය සටහන් වූ මෙම නොබෙල් සම්මාන රාත්‍රිය වර්තමානය වන විට ඇති දැවැන්ත සම්මාන රාත්‍රියක් ලෙස ලොවටම හදුන්වා දී ඇත.

Comments
Post a Comment