රුව ගුණ වරුණ


කොණ්ඩේ ස්ට්‍රේට් (Straight) කරන්න පෙර ඒ ගැන දැනුවත් විය යුතුම කරුණු 

              
                තමන්ගේ කොණ්ඩය ස්ට්‍රේට් කරන්න ගොඩක් කාන්තාවන් කැමතියි. ඒ වගේම විශේෂ පෙනුමකුත් ඒ මගින් මුහුණට අැති වෙනවා. ඒ කෙසේ වෙතත් මේ ගැන හරියටම දැන ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

             ස්ථිර ලෙස Straight කිරීම



     කොණ්ඩය straight කිරීම, රිලැක්ස් කිරීම වගේම keratin E සත්කාරය කිරීම අද ඉතාම ජනප්‍රියයි. මේවා මගින් සිදු කරන්නේ හිසකෙස්වල ස්වාභාවික රළු ගතිය නැති කරලා වඩාත් පහසුවෙන් හසුරවන්න පුළුවන් සිනිදු කෙස් කළඹක් ලබා දීමයි.

    මෙහිදී සිදුවන්නේ රසායනික ද්‍රව්‍යයක් බාහිරෙන් හිසකෙස්වල ආලේප කර අවශ්‍යතාව අනුව යම් වෙලාවක් එය හිසකෙස් මත තිබෙන්නට හැර පසුව iron කිරීමයි. මේ නිසා හිසකෙස් ස්වභාවය තීරණය කෙරෙන කෙරටින් සංයුතිය වෙනස් වී නව සංයුතියක් ඇති කරනු ලබනවා. හිසකෙස් වඩාත් සිනිදු හා පහසුවෙන් හැසිරවිය හැකි ස්වභාවයක් ගන්නේ ඒ නිසායි.

              කොණ්ඩය relax කිරීම

       වාසි

     රිලැක්ස් කරන විට තිබූ කොණ්ඩය ස්ථිරවම ගලා හැලෙන ස්වභාවයෙන් යුතු වුවත් අලුතෙන් වැවෙන කොණ්ඩය ස්වාභාවිකව තිබූ අයුරින් වැඩීම.
     ඒ නිසා පසුව ඔබට අවශ්‍ය වෙනත් ඕනෑම ආකාරයකට කොණ්ඩය සකස් කරගත හැකි වීම
     කොණ්ඩය වඩා දිලිසෙන සුළු ස්වභාවයක් ගැනීම.
     සැලකිලිමත් විය යුතු 
        කොණ්ඩය කැඩී යාමේ අවදානමක් තිබීම
       straightener හෝ relaxer එක අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් හෝ වැඩියෙන් භාවිත කර කොණ්ඩය relax කිරීම කළහොත් හිස් කබල හා හිස කෙස් වියළී යාමට ඇති ඉඩ කඩ.
               කෙරටින් සත්කාරය   
        වාසි

          Straight සහ curly යන දෙයාකාරයටම කොණ්ඩය නඩත්තු කළ හැකිවීම.
          හිසකෙස් පළුදුවීම්වලට සත්කාරයක් වීම
         කෙරටින් සත්කාරය රඳා පවතින්නේ මාස තුනක් වැනි කාලයක් පුරා පමණක් වීම
         කොණ්ඩය වඩා සිනිදු හා දිලිසෙන සුළු කරවීම මෙන්ම කොණ්ඩය වර්ණ ගන්වනවානම් ඒ වර්ණ   දිගු             කාලයක්  හිස කෙස් මත රැඳීම.
        මෙය ඇත්තටම පෝෂණ සත්කාරයක් වන නිසා අවාසි නම් කිසිවක් නැහැ.
                  Blow – drying කිරීම සහ උණුසුම් කිරීම
         වාසි
          ඔබ හිස කෙස් සෝදන තෙක් තාවකාලිකව කොණ්ඩය කඩා හැලෙන සහ සිනිදු කොණ්ඩයක් බවට                  පත්කිරීම.
          කොණ්ඩයට දිදුලන පෙනුමක් ලබාදීම
          විවිධ කොණ්ඩා සැරසුම් අත්හදා බැලීමට අවස්ථාව සලසා දීම
       අහිතකර ප්‍රතිඵල
            පමණට වැඩි උෂ්ණත්වයක් යෙදුවහොත් හිසකෙස් පළුදු වීම
            උෂ්ණත්වයෙන් හිසකෙස් ආරක්ෂා කරදෙන නිෂ්පාදන භාවිතා නොකළහොත් කොණ්ඩය දුබල වීමට              ඇති හැකියාව
            උදෑසන සූදානම් වීමට ඔබට වැඩි කාලයක් හා වෙහෙසක් දරන්නට සිදුවීම 

Comments

Post a Comment

Popular posts from this blog

නිරෝගා

නිසදැස් අරණ

රුව ගුණ වරුණ