නිසදැස් අරණ


                                 
   
  නිකොලායි ගොගෝල් සාහිත්‍ය නිර්මාණ


"මාගේ කතාවල ඇති හාස්‍ය මාගේ අභ්‍යන්තර
දිළිඳුකමින් ඇති වූවකි. ඇතැම් විට තේරුම්ගත නොහැකි දරුණු ශෝකයක් මා තුළ පහළ වෙයි. මේ ශෝකයෙන් සිත නිසහස් කරගැනීම පිණිස මම හාස්‍යජනක ගැහැණුන් , පිරිමින් සිතින් මවාගෙන ලීවෙමි.."
                                       - නිකොලායි ගොගෝල් -

 1809 අපෙ‍්‍රල් 01 වැනි දින නිකොලායි ⁣ගොගෝල්  පොල්ටාවා වල උපන්නේය. එනම් තමන්ගේ අවලස්සන පෙනුමට විහිලු කළ වුන් පරද්දවා ඉහළට නැග ජනප්‍රිය පුද්ගලයකු වීමටයි. 
 
       නීතිය හැඳෑරීම සඳහා මවගෙන් හා පියාගෙන් වෙන්වී නගරය ආ නමුදු මුදල් නොමැතිකම නිසා එම සිහිනය බොඳවන්නට විය. ගොගොල් සාහිත්‍ය නිර්මාණය සඳහා අත්පොත් තැබුවේ මේ අවධියේ ය. ඔහු පාසල් කාාලයේ කාව්‍ය රචනා කල අතර, එය 'වී. අලොව්' යන ආරුඪ නාමයෙන් ප්‍රකාශයට පත් කරන්න විය. ඒ පිළිබඳ විවිධ විවෙිචන පලවන්නට වූ අතර ගො⁣ගෝල් විසින් පොත් හල්වල තිබූ තමන්ගේ එම පොත් එකතුකර ඒවාට ගිනි තියන්නට විය. 

      මේ කාලයේ දී ඔහුගේ සිත ගමේ සිදුවූ නොයෙකුත් සිද්ධි ආශ්‍රිතව හාස්‍යයෙන් පිරීයන්නට විය. ඔහු ඒවා පත්තර වලට ලියූ අතර පාඨකයෝ ඒවා ආශාවෙන් කියවන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස " ඩිකෙන්යා ගම අසළ ගෙවි පොළක සවස් කාලය " නමින් ගොගෝල් ගේ මේ කතා කාණ්ඩ දෙකක් යටතේ පලවන්නට විය. එය ඔහු මහා ලේඛකයෙකු බවට පත් කිරීමට සමත් විය. 

         ඉන් අනතුරුව විශ්ව විද්‍යාල කථිකාචාර්ය ධූරයක් හෙබවූ ඔහු ඉන් ඉවත්ව පූර්ණකාලීන සාහිත්‍යකරණයේ නිරත විය. ඔහුගේ දෙවන සාහිත්‍ය කෘතිය වූයේ " මිර්ගොරොඩ් " විය. මෙම කෘතියේ ඇතුළත් වූ කතා අතර " තරාස් බුල්බා " විශේෂ විය.

        ගොගෝල් මීළඟට ලියා පල කළේ " ශාන්ත පීටර්ස්බර්ග් කතා " කෘතිය යි. මෙම කෘතියට ගොගෝල් ගේ වි⁣ශේෂ කතා රැසක් ඇතුළත් විය. " හිම කබාය " නැමැති සුප්‍රකට නිර්මාණය ඇතුළත් වූයේ මෙහිය. " අකාකි අකාකිවිච් " නැමැති සමාජ අසාධාරණයෙන් පීඩිත එක් පුද්ගල චරිතයක් හරහා ඔහු රුසියානු ජනතාවගේ පීඩිත ආත්මය සංකේතවත් කරන්නට විය. ඛේදනීය ඉරණම් වලට ලක්ව කලකිරීමෙන් සහ අසහනයෙන් පසුවන රුසියානු ජනතාව මේ චරිතය හරහා සිය ආත්මයේ පිළිබිඹුව දක්නට වූහ.

        ගොගෝල් අකාකි අකාකිවිව් හරහා දෘශ්‍යමාන කරන මානව හිතවාදීත්වය නිසා සමහරු ඔහු චාල්ස් ඩිකන්ස් ට සමාන කලහ. පීඩිත අාත්මයෙහි ස්වරය හඳුනාගෙන ඒ හරහා නව නිර්මාණය සම්ප්‍රදායක් ගොඩ නැංවීමට ඔහු සමත් විය. " අපි සියල්ලන්ම ගොගෝල් ගේ හිම කබායෙන් එළියට ආවෙමු " යැයි දෝස්තයෙව්ස්කි ප්‍රකාශ කළේ එහෙයිනි.

        කෙසේ වෙතත් ගොගෝල් හට දිග නවකතාවක් ලිවීමට වස්තු බීජය සපයන ලද්දේ පුෂ්කින් විසිනි. එය " මළ මිනිස්සු " නවකතාව වේ. ඒ තුළින් කියවෙනුයෙ එකල රුසියාවේ ඉඩම් හිමියෝ ප්‍රවේණිදාසයන් සඳහා රජයට බදු ගෙවූ බවත්, මුදල් අවශ්‍යතාවක් වූ විට ප්‍රවේණිදාසයන් රජයට උකස් තබා මුදල් ගැනීමට ද ඉඩකඩ තිබුණි. දාසයන්ගේ නම් ගම් ඇතුළත් ඔප්පු වෙනස් කරනු ලැබුවේ දස වසරකට වරකි.

         මේ අතර ඇතැම් දාසයො මළහ. එහෙත් ඔප්පුව වෙනස් කරන්නේ වසර දහයකට වරක් බැවින් ඔවුන් වෙනුවෙන් ද බදු ගෙවීමට සිදුවිය. මේ පුවත හරහා  ඔහු මුලුමහත් රුසියාවම නිරැපණය කරන ආකාරයේ කෘතියක් නිර්මාණය කරන්නට විය.


        ගොගෝල් විසින් රචිත එම පළමුවන ග්‍රන්ථය අතිශය හැඟීම්බර එකක් විය. "මගේ නවකතාව නිසා පාඨකයින් තුළ සිත් වේදනාවක් අැතිවන බවත්, ඒ සිත් වේදනාව අඩුකල යුතු බවත් මම තේරුම් ගතිමි. " සිතු ඔහු තම නවකතාව සංස්කරණය කොට නැවත ලිවීම සඳහා ස්විස්ටර්ලන්තයට යන්නට විය. වර්ෂ 1841 දී ගොගෝල් විසින් සිය දිගු නවකතාව ලියා අවසන් කලද මොස්කව් වාරණ මණ්ඩලය පොත ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ⁣නොදුනි.

         මේ පිළිබඳව විවිධ විවේචන පලවන්නට වූ අතර ඉඩම් හිමි රදළයෝ ද, නිළධාරීහු ද ගොගෝල් සමඟ ⁣⁣⁣අමනාප වන්නට වූ නමුත් බොහෝ ජනතාව මෙය අගය⁣ කරන්නට විය. " මළ මිනිස්සු " සරල වස්තු බීජයකින් යුත් අනවශ්‍ය සංකීර්ණත්වයෙන් තොර නිර්මාණයක් විය. බොහෝ විශිෂ්ට රුසියානු නවකතාවන්ට මේ සරල බව පොදුය. එහෙත් මළ මිනිස්සු හි ව්‍යුහය ඉතා සංකීර්ණ වූවකි. එකවිට එක ගොඩනංවන ලද විවිධ තලවල එය ගොඩනැගී තිබේ. 

       අහම්බෙන් සාහිත්‍ය ලෝකයට පැමිණ එහි විශිෂ්ඨයෙකු වූ ගොගෝල් වේදිකාවේ ද පෙරළිකාරයකු විය. " විලදිමිර් නම්බුනාමය " හා " ආදරවන්තයෝ " ඔහු රචනා කළ මුල්ම නාට්‍යය විය. " විලදිමිර් නම්බුනාමය " රුසියානු නිළධාරී පංතිය උපහාසයට ලක් කරන නාට්‍යයකි. නම්බුනාමය ලබා ගැනීමේ ආශාවෙන් මඬනා ලද රජයේ නිළධාරියෙකු පසුව උමතුවන ආකාරය මින් නිරුපිතය.

         " ආදරවන්තයෝ " නාට්‍යය පසුකලෙක " විවාහය " නමින් වෙනස් කරන ලදී. ගොගෝල්ගේ විශිෂ්ටතම නාට්‍යය ලෙස සැලකෙන්නේ 1834 දී පලවූ " රජයේ පරීක්ෂක " නවකතාවයි. වර්ෂ දෙකක් ගතවීමට ප්‍රථම එය රුසියානු නාට්‍ය වංශයෙහි ප්‍රබලතම හා විප්ලවකාරී නාට්‍ය බවට පත්විය.

        ගොගෝල් මළ මිනිස්සු නවකතාවේ දෙවන කොටස රචනා කිරීමෙහි වැඩ පටන්ගත්ත ද ඔහුට සමාජයේ මිනිසුන්ගේ කතා බහ, විවේචන ගැන කලකිරී එය පුච්චා දමන්නට විය. පසුව ක්‍රමයෙන් උන්මන්තකයෙක් වූ ඔහු 1853 පෙබරවාරි 21 වනදා සඳහටම දෑස් පියාගන්නට විය.

Comments

Popular posts from this blog

නිරෝගා

නිසදැස් අරණ

රුව ගුණ වරුණ