Posts

Showing posts from February, 2018

වාහන හිමි ඔබ දැන ගත යුතුම කරුණු

Image
CAR INTERIOR CLEANING       දැනගෙන කරමු                                                    වාහනයක ඇතුළත පිරිසිදුව තබාගැනීම වාහනේට හොඳ පෙනුමක් ගේනවා විතරක් නෙවෙයි ඒක වාහනේ යන අයගෙ සෞඛ්‍යයටත් හොඳයි. ගොඩක් අය කම්මැලි කමට එළියෙන් හෝදගෙන කාපට් ටික ගසාගෙන යනවා. සර්විස් එකකට දැම්මට පස්සෙ වාහනේට නගින්න ලෝබකමේ ඉන්නවා. හරියට පැයක් අරං කම්මැලිකම නැතුව සුද්ද කරොත් ඒක වාහනේටත් හොඳයි වාහනේ යන අයටත් හොඳයි. හරි වාහනේක ඇතුලත පිරිසිදු කිරීමේ මූලික පියවරයන් ටික පහතින්…       වැකියුම් කිරීම       ෆැබ්‍රික් සීට් හා දොරවල් වල ඇතුල් පැත්ත පිරිසිදු කිරීම       ලෙදර් කොටස් පිරිසිදු කිරීම       කාපට් පිරිසිදු කිරීම       ඩෑෂ්බෝඩ් එක පිරිසිදු කිරීම හා පොලිශ් කිරීම       වීදුරු පිරිසිදු කිරීම       A/c පිරිසිදු කිරීම හා පුස් වැනි ගඳ යැවීම       වැකියුම් කිරීම   වාහනයක් තියන කෙනෙක් පොඩි වැකියුම් ක්ලීනර් එකක් ළඟ තියාගන්න ඕන. එච්චර ගණන් නෑ. හරි මුලින්ම කාපට්, floor mats අයින් කරන්න. ඊට පස්සෙ හොඳට සීට් යට පැඩල්ස් යට වගේම ඉදිරිපස සීට් 2 මැද, center console වැකියුම් කරන්න. ඊට පස්සෙ floor mats ව